නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඒ මහතාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගනු ලැබීය.
වින්ස්ටන් පීටර්ස් 2025 මැයි මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගෙන ඇත.