රජය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා රජයේ උසස් පෙළ විභාගය සමත් සිසුන් ඇතුළත් කරගන්නා අතර ඒ සඳහා නව රෙගුලාසි කිහිපයක් අලුතින් හදුන්වා දී ඇත. මෙකී රෙගුලාසි මත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සඳහා විදේශ හා කැඩට් නිලධාරීන් පමණක් ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇත.
මේ නව රෙගුලාසි නිසා සුදුසුකම් ලත් විශාල දේශීය සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයට අහිමි වන අතර විශ්ව විද්‍යාල ගාස්තු තුළින් උපයා ගන්න බිලියන 2 ක පමණ ආදායම ද විශ්ව විද්‍යාලයට අහිමි වේ.
ඒ අනුව මෙම වසරේ උසස් පෙළ සුදුසුකම් ලත් දේශිය සිසුන් KDU විශ්වවිද්‍යාලයට බඳවා නොගන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ බව KDU නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ
කෙසේවෙතත් රජය තුළ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පීඩනය රජයේ හදිසි තීරණයට හේතු වී ඇති බව විශ්වාස කෙරේ.