විදේශ රැකියා සඳහා නව නීති: ජුනි 7 සිට සේවා ගිවිසුම් සහතික කිරීම අනිවාර්යයි

අධ්‍යාපනය ලබන, වෘත්තීය පුහුණුව ලබන සහ විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට අදාළ වන පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් නව නීති මාලාවක් හඳුන්වා දී ඇත.

ජුනි 7 වන දා සිට, ගෘහ සේවයට අමතරව විදේශයන්හි රැකියා අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔවුන්ගේ සේවා ගිවිසුම් සහතික කර ගැනීම අනිවාර්ය වේ.

විදේශයන්හි ශ්‍රී ලාංකික සේවකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ විමර්ශනවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කළේය.

කිසියම් රටක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් හෝ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක් නොමැති අවස්ථාවලදී, සේවා ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යංශ ප්‍රධාන කාර්යාලය, ගුවන් තොටුපළ ඒකකය හෝ එහි දිස්ත්‍රික් කාර්යාලවලින් එකක් මගින් අනුමත කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart