සෑම ආණ්ඩුවක් යටතේ ම පාහේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ රමාල් සිරිවර්ධන මෙවර ගම්පහ මහා නගර සභාවේ නගරාධිපති ධුරයට පත් වී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි මේ බව සඳහන් කර තිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විජිත හේරත් ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී, එනම් 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට පත්කෙරුණු අතර, 2025 ජනවාරි මාසයේදී ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතුවක් මත යැයි පවසමිනි.