තමන් වැනි පුද්ගලයින්ට තනිවම කිසිවක් කරගත නොහැකි බවත්, තමන් නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්නට කිසිදාක තමන්ට ප්‍රාදේශීය සභාවක්, පාර්ලිමේන්තුවක් නියෝජනය කිරීමට නොලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය ඇමැතිවරයා;
“ඉතිහාසයක් පුරා අඩ සියවසකට වැඩි කාලයක් මේ රටේ අනේකවිධ දුක් විඳින මිනිසුන් සිය ජීවිත මේ මහපොළවට පූජා කරා ඒ වගේ ම දහඩිය කඳුළු තම ශ්‍රමය මේ මහ පොළොවට පුදා හල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා ඒ මිනිසුන් අද මෙතන නිරූපණය වෙන්නෑ මේ මහජන නියෝජිත සභාව ඇතුලේ නිරූපණය වෙන්නෙත් නෑ හැබැයි ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයන්ගේ කැපවීම් වල ජයග්‍රහණයක් තමයි අපි ඉස්සරහ තියෙන්නේ. ඒක අපි නිහතමානී ව පිළිගන්නවා.
අද මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වුනාට මට තනිවම කිසිවක් එහෙම කරන්න බෑ. අපේ මන්ත්‍රීවරු පද්මිණී සහෝදරයා එහෙම කරන්න බෑ. අපි උපන් පන්තිය තනිව සටන් කරලා ජයග්‍රහණය කරන්න බෑ. අපි ඒක දන්නවා. අපි ඉපදුණේ පහළ පන්තියේ මිනිස්සු. අපේ අම්මලාට තාත්තලාට රදල ය ධනපති පන්තිය නෑ. ඒ වලව් දේශපාලනය ඇතුළේ මහා ජයග්‍රහණ හිමි අවුරුදු හැත්තෑ ගණනක් තිබුනට අපි එවැනි පන්තිය කියපුහම මිනිස්සු නෙමෙයි. අපිට කවම කවරදාකවත් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් මේ ප්‍රාදේශීය සභාවත් නියෝජනය කරන්න හම්බෙන්නෙ නෑ, අපි නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරය නො තිබෙන්න. මේ හිඟුරක්ගොඩ නගරයේ පොළේ කරපු අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන්න දරුවෙක් හදන්න බෑ. නිර්ධන පන්තිය ඇතුළේ. ඒක නිර්මාණය කළේ ජනතා විමුක්ති පෙරමුණ, ඒකට අපේ ගෞරවය තියෙනවා.
අපි වගේ මිනිසුන් මෙතෙන්ට නිර්මාණය කළේ දස දහස් ගණන් මිනිසුන් සිය ජීවිත කුසුම මේ මහපොළොවට දායාද කරලා. ඒ නිසා මේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. ඒ මිනිස්සු ප්‍රාර්ථනා කරපු, ඒ මිනිසුන් සිය ජීවිත කුසුමෙන් ප්‍රාර්තනා කරපු ඒ මාහැඟි සමාජය නිර්මාණය කරන එක. ඒ නිසා වංචාව, දූෂණය, අක්‍රමිකතාව නැති මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුන ඒ වගේම ඒවා සරල කරුණු. මේකේ හොඳම ප්‍රාදේශීය සභාව කරන එක, මේකේ පාරවල් ටික ඔක්කොම හදන එක මේකේ තියෙන හැම ලයිට් කණුවකටම විදුලි බල්බ් එකක් වැටෙනවා නම් ඒවා මහා සුළු කරුණු, මේකේ තියෙන බරපතලම සමාජ කරුණ තමයි, මේ රටේ සමස්ත ධනය මේ රටේ ජීවත් වෙන සෑම ජන කොටසකට ම සර්ව සාධාරණ ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කිරීම. ඒක අපිට තව ගොඩක් දුරයි. ඒක අපිට ගොඩක් දුරයි. එහෙම එකක් කරන්න තරම් තව මේ සමාජය පුළුල් දැනුමකින් වෙලා නෑ. ඒ නිසා මේ මන්ත්‍රී මණ්ඩලයත් අපි කාගෙත් වගකීම තමයි අන්න ඒ මහා සමාජ පරිවර්තනය කිරීම වෙනුවෙන් ආදර්ශයන් සපයන එක. ඒ වෙනුවෙන් වැඩ කරන එක. ඒ වෙනුවෙන් සමාජ වෙනස් කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරය අපේ යුගය අවසන් කරනවා.”