ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බලයට පත් වීමට ප්‍රථම ජනාධිපතිවරයාගේ පහසුකම් කප්පාදුව සම්බන්ධයෙන් විශාල දේශපාලනික ප්‍රචාරයක් ගෙන ගිය අතර, මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ වියදම් කප්පාදු කොට ඇති බව පවසන නමුත්, කළින් ජනාධිපතිවරුන් විසින් භුක්ති විඳින ලද ආරක්ෂාව සහ වරප්‍රසාද බොහොමයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ද භුක්ති විඳින බව පෙනෙන්නට තිබේ.
කෙසේවෙතත්, රට වටා පවතින ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ද, ජාතික ජන බලවේගය පොරොන්දු වූ ආකාරයේ ‘විප්ලවීය වෙනස්කම්’ සිදු කිරීමට මේ වන තෙක් ආණ්ඩුවට හැකියාවක් ලැබී නැත.
ඒ අනුව, ජනාධිපති බංගලාවල නඩත්තුව බාරව සිටින රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ මෙම ජනාධිපති මන්දිර, පෞද්ගලික අංශය වෙත කුළී හෝ බදු පදනම මත ලබා දී හෝටල් වැනි ව්‍යාපාර සඳහා යෙදවීමට ඉඩ සැලසීම යෝග්‍ය බව ය. නමුත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම ඇතුළු ක්‍රියාවලිය ඉටු කිරීමේ වගකීම භාර ගැනීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකු ඉදිරිපත් නොවන අතර, ඔවුන් ඒ සඳහා මැලිකමක් දැක්වීම කරණ කොට ගෙන මෙම බංගලා සියල්ල මේ වන විට වසා දමා කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා තත්ත්වයට පත් වී තිබේ. ආණ්ඩුවේ නිලධාරීන් පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් වර්තමානයේ දැඩි පීඩනයට ලක්වීම නිසා, ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩු යටතේ තමන්ටද නීතිමය ගැටලුවලට සහ දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි බියට පත්ව සිටිති. මෙය ඔවුන් එවැනි ක්‍රියාවලීන් සඳහා මැදිහත් වීමෙන් වැළකීමට හේතුව වී තිබේ.
ජනාධිපති මන්දිර මෙන් ම රජයේ අමාත්‍යාංශවලට අයත් නිවාස රට පුරා 60 කට වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇති අතර, ඉන් බොහොමයක් ද මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත හැර දැමීම හේතුවෙන් විනාශ මුඛයට ඇද වැටී අවසානය. රටා ප්‍රශ්නවලට පුරාජේරුවෙන් උත්තර දෙන ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ වන විට අකර්මන්‍ය වී ඇත්තේ මේ ආකාරයෙනි.