දෙහිවල පිහිටි සෝල් බීච් (පුද්ගලික) හෝටලය හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන්ගේ අනුදැනුම ඇතිව “යුක්තිය” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේ කොටසක් ලෙස කඩා බිඳ දැමීමේ නීත්‍යානුකූලභාවයට අභියෝග කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට වාර්තා වීමෙන් පසු මතභේදයට හා මහජන අවධානයට ලක් වූ මෙම හෝටලය, පසුගිය වසර මුලදී බලධාරීන් විසින් කඩා බිඳ දමන ලදී.
මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී, අගවිනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 14 (1)g සහ 13(1) වගන්ති යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනට අවසර ලබා දෙන ලදී. පෙත්සම් ලබන වසරේ ජනවාරි 26 වැනිදා විවාදය සඳහා සලකා බැලීමට නියමිතය.
සේවකයන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් ප්‍රමෝද්‍ය තිලකරත්නගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධ සමඟ ආචාර්ය මිල්හාන් මොහොමඩ් සහ රන්මාලී මීපගල පෙනී සිටි අතර, හෝටලය වෙනුවෙන් මංජුල බාලසූරියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියේය.