2012 වර්ෂයේ සුප්‍රීම් ග්ලෝබල් ආයතනය අභ්‍යවකාශ ගත කළ සුප්‍රීම් චන්ද්‍රිකාවට ශ්‍රී ලංකා රජයේ මුදල් වැය කර නොමැති බව අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙන බව පුවත් වෙබ් අඩවි කිහිපයක් සඳහන් කරයි .
මුදල් අමාත්‍යංශය මේ බව සනාථ කර ඇත්තේ සමීර ගුණසේකර නමැති අයෙකු විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යාංශය මගින් ඉල්ලා සිටි තොරතුරු හෙළි කරමිනි .
එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ද සේවය කළ අදාළ චන්ද්‍රිකාවට රජය මුදල් රුපියල් මිලියන සිය ගණනක් යොදවා ඇති බව විපක්ෂ කණ්ඩායම් චෝදනා කර තිබෙන බව එම වෙබ් අඩවි සඳහන් කරයි .
නමුත් චීනයේ පෞද්ගලික සමාගමක් වන සුප්‍රීම් ග්ලෝබල් ආයතනයේ අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් භාවිතා නොවුණු බව මේ වනවිට තහවුරු කර තිබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ .