පසුගියදා පැවති ඡන්ද විමසීම් වලින් අනතුරුව ප්‍රාදේශීය සභා දෙකක පාලන බලය වෙනස් වී තිබේ. අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට (SJB) හිමි වූ අතර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගය (NPP) විසින් දිනාගෙන ඇත.
අද (ජූනි 12) උදෑසන පැවති අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා වූ ඡන්ද විමසීමේ දී, SJB අපේක්ෂක ඉස්තිහාර් ඉමාදුදීන් වැඩි ඡන්ද තුනකින් ජයග්‍රහණය කළ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු නිවේදනය කළාය. සභාවේ මුළු සභික ධුර 30න්, 29 දෙනෙකු ඡන්දය භාවිත කළ අතර, සභාපති ධුරය සඳහා NPP වෙතින් ඉදිරිපත් වූ තාරික් අලීට ඡන්ද 13ක් හිමි විය. අකුරණ සභාවේ උපසභාපති ධුරය ඡන්ද 18ක් ලබා ගත් පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්නට හිමි විය.
මේ අතර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ. ඒ අනුව, ඡන්ද 11ක් හිමිකර ගනිමින් ජගත් කුමාර රාජපක්ෂ සභාපතීත්වයට පත්ව ඇත. උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් විසින් හිමිකරගෙන තිබේ.