පාස්කු ප්‍රහාරය: බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහි පෙත්සම යළි කැඳවයි

2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් දින නියම කර තිබේ. මෙම පෙත්සම ඔක්තෝබර් මස 14 වැනි දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්, නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයෙකු වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම පෙත්සම කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එය සලකා බැලීම සඳහා මෙලෙස දින නියම කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart