කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික, හිටපු සභාපති විජේසිරි ඒකනායක මහතා තේරී පත් විය. ඔහුට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු සෙසු පක්ෂවල සභික ඡන්ද 25ක් හිමි වී තිබීම විශේෂත්වයකි.
මෙම සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් යෝජනා වූ ධම්මික ජයලත් මහතාට ලැබුණේ ඡන්ද 21ක් පමණි.
කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ලෙස ඡන්ද 25ක් ලබා ගනිමින් මොහොමඩ් කාදර් ඉර්ෆාන් මහතා පත්වී තිබේ.
මෙම පත්වීම් සමඟින් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වී ඇත.