විදුලිය ඇතුළු ඕනෑම භාණ්ඩයකට පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව මිල ගණන් වෙනස් වීම ස්වභාවික බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විදුලි බිල අඩු කළ අවස්ථා තිබූ බව සිහිපත් කරන අමාත්‍යවරයා, මේ වන විට විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුව ඇත්තේ ද පිරිවැය මත පදනම්ව බව පෙන්වා දෙයි. “ජනතාව මෙය තේරුම් ගෙන, මිල අඩුවන විටත්, වැඩිවන විටත් එයට හුරු විය යුතුයි” ඔහු පැවසීය. අනාගතයේදී ද මිල ගණන් අඩුවන හෝ වැඩිවන අවස්ථා පැමිණිය හැකි බවත්, එම උච්චාවචනයන් දරාගෙන ඉදිරියට යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින ගැටලුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනඥයන් විදුලි ගාස්තු අඩු කළ විට පෙනී සිටින නමුත්, ගාස්තු වැඩි කළ විට සැඟවී සිටීමයි. මෙම ක්‍රියා දෙකම නොකළ යුතු බව ඔහු අවධාරණය කළේය.