ශ්‍රී ලංකා දේශපාලනයේ වේගයෙන් වර්ධනය වන බලවේගය වන ජාතික ජන බලවේගය (NPP), අද දිනයේදී තවත් මහ නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා දෙකක බලය තහවුරු කරමින් සිය ආධිපත්‍යය තවදුරටත් ව්‍යාප්ත කළේය.
රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී, NPP හි කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල ඡන්ද 14ක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. විපක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 12ක් පමණක් වූ අතර, ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය NPP අතට පත් විය.
රත්නපුරයේ ලද ජයග්‍රහණයට අමතරව, දඹුල්ල සහ කල්පිටිය යන ප්‍රාදේශීය සභා වල බලයද ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ලදී. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස NPP හි ඩබ්ලිව්.එම්. තිලකරත්න මහතා අද තේරී පත් වූයේ රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 15ක් දිනා ගනිමිනි. විපක්ෂයෙන් ඉදිරිපත් වූ පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයාට ඡන්ද 6ක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 5ක් හිමි විය. මේ අතර, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස NPP හි අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා අද පෙරවරුවේ පත් විය. ඔහු රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 16ක් ලබා ගනිමින්, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මොහොමදු ආසික් (ඡන්ද 15ක්) සුළු ඡන්ද ප්‍රමාණයකින් පරදවා ජයග්‍රහණය කළේය.