කුරුණෑගල ඩීල් එක හෙළිවේ – රිෂාඩ්ගේ පක්ෂයත් එක්ක අනුරලාගේ අනපේක්ෂිත සන්ධානය!

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් හිමි නොවූ කුරුණෑගල මහ නගර සභාවේ පාලන බලය, අනපේක්ෂිත ලෙස ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබේ. මෙම බලය ලබා ගැනීමට ඔවුන්ට රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයාගේ තීරණාත්මක සහය ලැබී ඇති බව වාර්තා වේ. මෙය මෙතෙක් පැවති දේශපාලන සමීකරණයන්ගෙන් බැහැර වූ නව සන්ධානයක ආරම්භයක් ලෙස සැලකිය හැකියි.

නව ක්‍රියාපටිපාටිය අනුව, කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා පත්වී ඇති අතර, උප නගරාධිපති ධුරය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකුට හිමිව තිබේ.

නගර සභාවේ පැවති ඡන්ද විමසීමේදී, ජාතික ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද දොළහක් ලැබී ඇති අතර, සමගි ජන බලවේග අපේක්ෂකයාට හිමිව ඇත්තේ ඡන්ද දහයක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart