ජනබලවේගය නවතින්නේ නෑ – මාලිමාව තවත් පුළුල් කරනවා – ලාල් කාන්ත අභියෝග කරයි!

ජාතික ජනබලවේගය (NPP) පක්ෂය පුළුල් කිරීමේ කටයුතු කිසිසේත් නතර කර නොමැති බවත්, එය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අවධාරණය කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් තම මන්ත්‍රී ධූරය සමඟින් NPP හා එක්වීමට සූදානම් නම්, ඒ සඳහා අවස්ථාව විවෘතව පවතින බවයි.

යම් පක්ෂ ප්‍රමාණයක් තම පක්ෂය සමඟ එක්කර ගන්නා බව පැවසූ අමාත්‍ය ලාල් කාන්ත, ඊට උදාහරණයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොණ්ඩමන්වරුන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය සමඟ කටයුතු කිරීම පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රටේ ඕනෑම ප්‍රදේශයක මන්ත්‍රීවරුන් ස්වාධීන වී ජාතික ජනබලවේගය සමඟ එක්වීමට සූදානම් නම්, ඔවුන්ගේ සහාය ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart