රෝහල මැදින් යන්න බැරිව තග වර්ණ දාපු මන්ත්‍රී නළුවා!

මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා සිය රථයෙන් ගමන් කිරීමට උත්සාහ කළ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවසර නොදීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ. මෙම සිද්ධිය ඉකුත් 24 වැනිදා දහවල් 11:00ට පමණ සිදුව ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට, තරුණ මන්ත්‍රීවරයකු වූ ඔහු, රෝහල් ආරක්ෂක නිලධාරීන්ගෙන් “තමන් කවුද කියා හඳුනන්නේ නැද්දැයි” විමසා ඇත. ආරක්ෂක නිලධාරීන් තමන් මන්ත්‍රීවරයා නොහඳුනන බව පැවසීමත් සමඟ රෝහල් පොලිසියේ නිලධාරීන් පවා එම ස්ථානයට කැඳවීමට සිදුව තිබේ. කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනා නොගැනීම නිසා එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මන්ත්‍රීවරයා ප්‍රකෝප වී ඇත්තේ තමන් කවුද යන්න රෝහල් ආරක්ෂක අංශය, කාර්ය මණ්ඩලය සහ පොලිස් නිලධාරීන් නොදැන සිටීම සම්බන්ධයෙන් බවයි. මෙම අර්බුදය හටගෙන ඇත්තේ, මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව හඳුනා ගැනීම සඳහා රාජ්‍ය ලාංඡනයක් හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශනය කර නොතිබීම නිසාය.

රෝහල් කාර්ය මණ්ඩලය මෙම තත්ව්ය මන්ත්‍රීවරයාට තේරුම් කර දීමට කොතෙකුත් උත්සාහ කළද, එය තේරුම් ගැනීමට මන්ත්‍රීවරයා අසමත් වී ඇති අතර, ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා සහ රෝහලේ ආරක්ෂකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබේ. රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ, වේලාසනම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තහවුරු කළා නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

අනතුරුව, තමන්ව හඳුනාගෙන නොසිටීම සහ රෝහල් මාර්ගයට ඇතුල්වීම වැළැක්වීම සම්බන්ධව මන්ත්‍රීවරයා මහනුවර උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර තිබෙන බවද වාර්තා වේ. මෙම සිදුවීම, මහජන සේවකයන් සහ පොදු ජනතාව අතර අන්තර් ක්‍රියාකාරිත්වයේදී ඇතිවිය හැකි අවබෝධතා ගැටලු මතුකර පෙන්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart