පෙරේදා (29) දින මහවිලච්චිය පොලිස් වසමේ පෙමඩුව ප්‍රදේශයේදී විල්පත්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක කොස්තාපල්වරයෙකු වන ඩි. එම්. අනුර කුමාර දිසානායක (47) වන අලියෙකුගේ පහර දීමකින් මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයා සෙනසුරාදා රාත්‍රියේ සිය හේන් වගාවට ගොස් ඇත්තේ වන සතුන්ගෙන් සිය වට්ටක්කා වගාව ආරක්ෂා කර ගැනීමටයි. ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ ඔහු සුපුරුදු පරිදි නිවසට නොපැමිණි බවත්, ඒ නිසා ඇය පසුදා උදෑසන ඔහුව සෙවීමට ගිය බවත්ය.
ඇය ඔහුගේ ජීවිතක්ෂයට පත්ව තිබූ සිරුර හේන තුළ තිබී සොයාගෙන ඇත. පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කොස්තාපල්වරයා හේන තුළ වැඩ කරමින් සිටියදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
මහවිලච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.