මමනෙ මාධ්‍ය ප්‍රකාශක. මහින්දගේ ප්‍රකාශයක් නලින්දගෙන් ප්‍රතික්ෂේප වෙයි

මෙරට මාස දෙකක් සඳහා තෙල් ගබඩා කිරීමට පහසුකම් නොමැති බවට නි. ඇමති මහින්ද ජයසිංහ සිදු කළ ප්‍රකාශයක් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අද  ප්‍රතික්ෂේප කරන ලදී.

“මම නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. තෙල් ගබඩා කිරීමේ පහසුකම් ගැන දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථා සභාපතිතුමා මේ ගැන අදහස් ප්‍රකාශ කළා. තෙල් සංස්ථාව භාර ඇමති විදිහට කුමාර ජයකොඩි මේ ගැන ප්‍රකාශයක් කළා. රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මම කීවා. ඔබ විමසන අවස්ථාවේ මාස දෙකහමාරකට ආසන්න තෙල් සංචිත තිබුණා. රටේ ජනතාවට ඒ අවස්ථාවේ තිබුණේ තෙල් ඉවරවේද කියන ප්‍රශ්නය. ජනතාව බූලිවලට බැරල්වලට තෙල් එකතු කරන්න ගත්තා. දැන් ඒක ඉවරයි. අපට තෙල් තිබෙනවා, මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. ඒ ගැන අපි සහතික වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart