අද උදෑසන කඳාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවී ඇති බව සදහන් වේ.මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.කඳාන ප්‍රදේශයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බවත් එම වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසී ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.