පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ කලින්ම දැනගෙන සිටි බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය වෙනකොට පිල්ලෙයාන් හිටියේ මඩකලපුව බන්ධනාගාරයේ. එතකොටත් එයාට ප්‍රහාරය ගැන දැනුම් දීලා තිබුණා.
පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරගත ව සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙනි. මේ ඝාතනය සම්බන්ධයෙන්ම බන්ධනාගාරයේ හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමග පිල්ලෙයාන් සමීප සබඳතා පවත්වාගෙන ගොස් තිබෙන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.
මේ සිද්ධිය ගැන තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.