බහාලුම් මුදාහැරීම සම්බන්ධයෙන් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක විපක්ෂයට අද අභියෝග කළේය. තමාට එවැනි බහාලුම් මුදාහැරීමට බලයක් නොමැති බවත්, කිසිදු මුදාහැරීමකට සම්බන්ධ නොවූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
“විපක්ෂය මුලින්ම බහාලුම් මුදාහැරීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සම්බන්ධ කිරීමට උත්සාහ කළා. ඒක වැරදි බව ඔප්පු වුනායින් පස්සෙ ඔවුන් ඒක මට සම්බන්ධ කිරීමට උත්සාහ කරනවා. මට බහාලුම් නිදහස් කිරීමට බලයක් නැහැ. මම එක බහාලුමක්වත් නිදහස් කරලා නැහැ. විපක්ෂය සතුව තොරතුරු තිබෙනවා නම්, ඔවුන්ට ඕනෑම පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර මා වැරදිකරු බව ඔප්පු කරන්න පුළුවන්. මම වංචාවක් කර තිබෙනවා නම් මාව හිරේ දාන්න.”
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, ඒවා දේශපාලන අරමුණු පෙරදැරිව ගොඩනඟන ලද ඒවා බවත්ය.