ක්‍රිප්ටෝ හා බ්ලොග් චේන් තාක්ෂණය සදහා ආණ්ඩුව වැට් බදු පනවා ඇතිබවත් මෙලෙස බිට් කොයින් වලට බදු ගැසූ ලොව පළමු රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වෙනු ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප ක්‍රිප්ටෝ හා බ්ලොක්චේන් තාක්ෂණය සමඟ ගැටුමකට නොයා යම් ලිහිල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් සිටින පසුබිමෙක ශ්‍රී ලංකාවේ ආර්ථික විශේෂඥයින් මෙලෙස බදු පැනවීමට තීරණය කල පදනම තමන්ට නොතේරෙන බව සදහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේ ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි අංශය පවා බ්ලොක්චේන් සදහා බදු පැනවිය නොහැකියයි පවසා තිබියදී ආණ්ඩුව පැනවූ බදු නියාමනය කරන්නේ කෙලෙසද යන්න ගැටළු සහගත බවයි.