රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂී විජේරත්න මහත්මියට එරෙහිව අල්ලස් පැමිණිලි 100 ඉක්මවා ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ස්නායු ශල්‍යකර්ම සිදුකිරීමේදී ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු සදහා වින්දිතයින්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව සදහන් කරන අල්ලස් කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ” පරීක්ෂණවලට අදාල වින්දිතයින් සම්බන්ධයෙන් ඔබවෙත යම් තොරතුරක් සතුවන්නේ නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම්දෙන ලෙසයි.
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන 15 වැනිදා නැවත කැදවීමට නියමිතයි.