ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී අශෝක පීරිස් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති ඉවත් කිරීම සම්බන්ධයෙන් ‘අනිද්දා’ වෙබ් අඩවිය වාර්තා කිරීමෙන් පසු ‘අනිද්දා ‘ පුවත්පත මිලදී ගැනීම සඳහා එම ආයතනය ලබාදී තිබූ ඇණවුම අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ජුලි 08 දින සහිතව ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ පාලන හා මානව සම්පත් කළමනාකාර බී.ඒ. හේමලතා අනිද්දා බෙදාහැරීම් කළමනාකරුට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ 2025 වර්ෂය සඳහා අනිද්දා පුවත්පත මිලදී ගැනීම සඳහා ලබා දුන් ඇණවුම 2025.07.09 දින සිට අත්හිටු වීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව ය.