මාස 6ට 144,000ක් රට රස්සාවල් සොයා ගිහින්

මෙවසර ගතවූ මාස හයක කාලය තුල ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනකු රැකියා සදහා විදේශ ගතවී ඇත. කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාවේ කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලයේ දී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 88,684 කි.

මෙම මාස 6 ක කාලයේ කාන්තා ශ්‍රමිකයින් 55,695 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබේ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 6,073 කුද, දකුණු කොරියාවට 3,134 කු ද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart