ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය වසර 2025-2029 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඩ්‍රිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
එමගින්ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩි දියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සුදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන තේමා ක්ෂේත්‍ර පදනම් කරගෙන එකී මූලෝපාය කෙටුම්පත් කර ඇත.