වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

බන්ධනාගර ගතකර තිබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය.

රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඇය නිදහස් කල මහේස්ත්‍රාත්තුමිය වෛද්‍යවරියගේ විදෙස් ගමන් තනමක් පැනවූ අතර ඇයට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ඇතුලු වීමද තහනම් කළාය.

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන් වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට ඇයට විරුද්ධව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart