විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති හෙයින් විද්‍යුත් වාණිජ්‍ය කටයුතු (Cross- Broder E-Commerce) මත බදුකරණය ගැන සොයා බැලීමට නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විද්‍යුත් වාණිජ්‍ය කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් බලපෑමට ලක්ව ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.