ගොවීන්ට අවශ්‍ය මිලයට වී විකුණා ගැනීම සදහා මෙවර රජය සහතික මිලක් වෙනුවට වී සදහා අවම මිලක් පමණක් නිවේදනය කල බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක අවම මිලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 ටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 ටත් මිල දී ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
දිස්ත්‍රික්ක රැසක මෙවර යලකන්නයේ අස්වැන්න නෙළීම ආරම්භකර ඇති අතර තම අස්වැන්න සදහා සාධාරණ මිලක් නොලැබෙන බවටයි දිස්ත්‍රික්ක ගණනාවක ගොවීන් චෝදනා කරමින් පවතින්නේ.