රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ගේ හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස් ෆෙරි ඔක්ක්සමින් මෙ සිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500 න් වයල් 400,000 ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ සඳහා ලංසුකරුවන් දෙදෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s. ABC Pharma Services (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමිම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවුණි.