පාසැල් වල සිටින අතිරික්ත ගුරුවරුන් ගැන වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දිවයිනේ සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නියෝග කොට ඇත.
ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසැල්වල ගුරුවරු අතිරික්තයක් ඇතැයි වාර්තාවී ඇති බවත් රටපුරා ගුරුවරුන් තුලනය කිරීමේ අරමුණෙන් මෙලෙස දත්ත එකතු කිරීම සිදුකරන බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි.