ඉන්දියාව කියන්නේ කිසිසේත්ම විශ්වාස කල නොහැකි රාජ්‍යයක්. ඩ්‍රිජිටල් හැදුනුම්පතට මුවාවෙන් රටේ මිනිසුන්ගේ ජීවදත්ත ඉන්දියාවට පැවරීමේ ආණ්ඩුවේ උත්සාහ රටේම ජනතාව එක්ව පැරදිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
