ලංකාවේ දරුවන්, චීන මිතුදමේ උරුමක්කරුවන්

ශ්‍රී ලංකාවේ දරුවන් යනු අනාගත චීන මිතුදමේ උරුමක්කරුවන් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (16) දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති උත්සවයක් අමතමින්ය.

2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේද සහභාගිත්වයෙන් පැවැති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව චීනයේ විශ්වාසවන්තම සහෝදරයා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart