හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් බෑණා කෙනෙක්ට එරෙහිව අද කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙනු ලැබීය.
අල්ලස් කොමිසම මගින් ගොනුකල අධිචෝදනා මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාර දීමෙන් අනතුරුව විත්තිකරුවෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් පනස්දහසක මුදල් ඇප මත නිදහස් කරනු ලැබිණ.
විත්තිකරුවන් සියලු දෙනාගේ විදෙස් ගමන් තහනම් කල මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් අධිකරණ භාරයට ලබාදෙන ලෙසද නියෝග කළහ.