විද්යා හා තාක්ෂණ අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික විද්යා පදනම විසින් සංවිධාන කරන ලද ජාතික විද්යා පදනමෙහි සම්මාන උළෙල – 2024 විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රදානත්වයෙන් BMICH හිදී පැවැත්විණි.
ජාතික විද්යා පදනම විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරන අතර 2024 වර්ෂයට අදාළ මෙම සම්මාන ප්රදානයේ දී, ජාතික විද්යා පදනම අරමුදල් සපයන පර්යේෂණ ව්යාපෘති හරහා විද්යාවේ ප්රගමනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් පර්යේෂකයින් සඳහා පිරිනමන ජාතික විද්යා පදනමෙහි පර්යේෂණ සම්මානය (NSF Research Award), පර්යේෂණ උපාධි අධීක්ෂණය සඳහා සහාය යෝජනා ක්රමය (SUSRED) සහ මුද්රිත සඟරාවල ප්රකාශයට පත් කරන ලද ඉහළ උපුටා දැක්වීම් සහිත පර්යේෂණ පත්රිකා (HCPA) යන කාණ්ඩ තුන යටතේ සම්මාන ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, විද්යා හා තාක්ෂණ අමාත්යාංශ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාවි, අමාත්යාංශ නිලධාරීන්, ජාතික විද්යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සෙනෙවීර යන මහත්වරුන්, දිවයින පුරා විශ්ව විද්යාල සහ පර්යේෂණ ආයතනවල විද්වතුන් සහ පර්යේෂකයින්, රාජ්ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


