කොටි සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිකම ලබාදීම සම්බන්ධයෙන් අයුතු බලපෑමක් සිද්ධ කලේ යැයි එරට මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීට බරපතල චෝදනාවක් එල්ලව ඇතිබව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
2016 වර්ෂයේ දී හා 2023 වර්ෂයේ දී කැනේඩියානු දේශ සීමා නියෝජිත ආයතනය වෙත අදාළ ලිපි දෙකක් යොමුකර ඇති ආනන්ද සංගරී සෙල්වකුමාර් නැමති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාට මානුෂීය හේතු සලකා බලා කැනඩාවේ පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා ඇත. ඒ මෙම පුද්ගලයා සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට තහවුරු වීම නිසා එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක දී පුරවැසිභාවය ලබා දීමේ ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකය.
කැනඩාව තුල එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්ද සංගරී මහතා ක්ල මෙම ක්‍රියාව ත්‍රස්තවාදයට ආධාර අනුබල දීමක් වන හෙයින් ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යධූරය දැරීම වලක්වා එයින් නෙරපා හරින ලෙස චෝදනාකරුවන් කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.