මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට ටික් ටොක් සමාගමේ එකඟතාව පල කර ඇත. ටික් ටොක් සමාගමෙහි දකුණු ආසියානු රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී ෆර්දවුස් අල් මොටාකින්, සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් පැවතීමෙන් අනතුරුවය.
එහිදී ටික් ටොක් නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කමයි. මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අධ්‍යාපන පද්ධතිය තුලට ඩිජිටල්කරණ ක්‍රියාවලිය අන්තර්ගත කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද සඳහන් කොට ඇත.