ගල්කිස්ස අධිකරණයෙන් අත්තඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර ඇති වසන්ත සමරසිංහ හා බිමල් රත්නායක අමාත්‍යවරුන් වහාම අත්තඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටී.
ප්‍රශ්නගත බහාලුම් 323 සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය අල්ලස් කොමිසමට මෙයට මාස දෙකකට ආසන්න කාලයකදී සිදුකල පැමිණිල්ලට අදාල ප්‍රගතිය සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා අද අල්ලස් කොමිසමට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.