ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු 30%ක නව තීරු බදු අගෝස්තු පළමුවනදාට පෙර තවදුරටත් අඩු කර ගැනීම සඳහා ඇමෙරිකාව සමග විශේෂ සාකච්ඡා පැවැත්වීමට මෙරට විශේෂ නියෝජිතයින් පිරිසක් හෙට (18) වන දින ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිතය.
විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා දූත පිරිස හැකි උපරිමයෙන් 30% බද්ධ අඩුකර ගැනීම සඳහා කටයුතු කරනු ඇති බව තමන්ගේ විශ්වාසය බවයි.
ඇමරිකානු ජනාධිපති හා ඉන්දුනීසියානු ජනාධිපති අතර පැවැති සාකච්ඡාවකින් පසුව ඇමරිකාව ඉන්දුනීසියාවට පනවා තිබූ 32%ක තීරුබද්ධ 19% දක්වා අඩුකල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිල වශයෙන් නිවේදනය කලේය.