හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අගෝස්තු මස 01 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරනු ලැබීය.
2014 වසරේ අනුරාධපුර දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව බෙදා හැරීම තුලින් ෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද අධිකරණයට රැගෙන ආවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදීය.