වෘත්තීය සමිති 59ක් තහනම් කෙරේ

වෘත්තීය සමිති ආඥා පනත අනුව ක්‍රියා නොකල වෘත්තීය සමිති 59ක ක්‍රියාකාරීත්වය වහාම ක්‍රියාත්මක වනපරිදි අවලංගු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත.

රටේ දැනට ලියාපදිංචිව ඇති මුළු වෘත්තීය සමිති සංඛ්‍යාව 2122ක් වන අතර 2023 වර්ෂයේ පමණක් වෘත්තීය සමිති සමිති 128ක් ලියාපදිංචි කර ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ටාර් කාර්යාලය මගින් ලබාදෙන නියමයන්ට අනුකූලව ක්‍රියා නොකිරීම හා විවිධ අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස වෘත්තීය සමිති අවලංගු කිරීමට සිදුවූ බව කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ 2023 වර්ෂය සඳහාවූ වාර්තාවක සදහන්ව ඇත. මෙම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart