යුක්රේන ජනාධිපති වොලොදිමීයර් සෙලෙන්ස්කි විසින් 39 හැවිරිදි යූලියා ස්වියිරිඩෙන්කෝ එරට නව අගමැතිනිය ලෙස පත්කොට ඇත. සෙලෙන්ස්කි විසින් සඳුදා ඇය අග්‍රාමාත්‍ය ධූරයට නම් කරනු ලැබීමෙන් පසුව යුක්රේන පාර්ලිමේන්තුව විසින් ඊයේ ස්වියිරිඩෙන්කෝගේ පත්වීම තහවුරු කල බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
2021 නොවැම්බර් මාසයේ සිට නියෝජ්‍ය අගමැති සහ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති යූලියා සෙලෙන්ස්කිගේ ප්‍රධාන උපදේශක ඇන්ඩ්‍රි යෙර්මාක්ගේ දිගුකාලීන සගයෙකි.