රජය පුළුල් පරාසයක ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය කොළඹදී පැවැති අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.
පොලිසිය, හමුදා සහ බුද්ධි සේවා අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, නව නීති හඳුන්වා දීම, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධාන අකර්මන්‍ය කිරීම සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය තුළ දූෂණය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගණනාවක් මේ වන විට රජය ගනිමින් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
කොළඹ සැලැස්මේ කවුන්සිලයේ සභාපති, ඇමරිකානු තානාපති ජූලි චුන්ග්, කොළඹ සැලැස්මේ මහලේකම් අතිගරු ආචාර්ය බෙන්ජමින් පී. රේස් යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්වූහ.