ලෝක ප්‍රකට ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් කෙනෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ පැරග්ලයිඩින් කරමින් සිටියදී හෝටල් තටාකයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ෆීලික්ස්ට ජීවිතය අහිමි විය.
නිර්භීත ගුවන් දස්කම් වෙනුවෙන් 2013 වසරේ දී නැෂනල් ජියෝග්‍රැෆික් හි ජනතා තේරීම් වික්‍රමාන්විතයා ලෙස නම් ලද ෆීලික්ස් මිය යන විට 56 වැනි වියෙහි පසුවිය.