සිංගප්පූරුවේ රාජ්‍ය ආයතන ඇතුලු ප්‍රධාන පද්ධති විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා මේ බව සනාථ කල බවයි.
අදාළ සයිබර් ප්‍රහාරය කළ පාර්ශවය UNC 3886 ලෙස හඳුනාගෙන ඇති අතර සිංගප්පූරුවේ ආරක්ෂක, දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධති වලට ඉන් බලපෑම් එල්ල වී තිබේ.