තිලිනි ප්‍රියමාලි නමැති කාන්තාවකට අදාළ නඩුවක සිතාසි භාරදීමට යාමේදී එය ප්‍රතික්සේප කරමින් එම භාරදුන් පුද්ගලයාගේ සිතාසියේ පිටුපස යමක් ලියා එය පුද්ගලයාට දමාගසමින් ඉංග්‍රීසි හා සිංහල බසින් බැණවැදී අධිකරණ ක්‍රියාමාර්ගයක් හෑල්ලුවට ලක්කිරීම හා රාජකාරී නිලධාරියෙකුගේ සේවයට බාධා කිරීමේ සිදුවීමක් ගැන පසුගියදා වාර්තා විය.
මෙම සිදුවීමට අදාළ කට උත්තර දීමට පොලිසියට යන ලෙස තිලිනි ප්‍රියමාලිට අධිකරණ නියෝගයක් පසුගිය සතියේ නිකුත් කළද ඇය මේවනතුරු පොලිසියට පැමිණ නැතැයි සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක සංගමයේ හිටපු සභාපති ආර්.සුදත් පාලිත ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.
” හෝමාගම දිසා අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව විසි තුනයි නමසිය හතළිස් හත එම් එස් නඩුවට අදාළ සිතාසි භාර දීම සඳහා අපේ සිතාසි ක්‍රියාත්මක නිලධාරියෙක් විසින් තිලිනි පියුමාලි නමැති තැනැත්තියට භාර දීම සඳහා ගිය අවස්ථාවේ,මෙම සිදුවීම වී තිබෙන්නේ. ඇය අධිකරණය ඉදිරිපිටදී වෙනත් නඩුවකට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන බව දැක නිලධාරියා එම තැනැත්තියට සිතාසි භාර දීමට යෑමේදී,
අප නිලධාරියාගේ අනන්‍යතාව ඔප්පු කරලා හැඳුනුම්පත පෙන්නලා සියල්ල පෙන්වීමෙන් පසු සිතාසි භාර දීමට අවශ්‍ය බව ඇයට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී ඇය සිතාසිය අතට අරගෙන එම සිතාසියේ උඩින්ම තියන පිස්කල් අණකළේ පිටුපස යම්කිසි කාරණා ටිකක් ලියලා, සිතාසි භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා, අපේ සිතාසි ක්‍රියාත්මක කරන්නාට බැන තර්ජනය කර නික්ම ගිහිල්ල තියෙනවා.
ඒ අවස්ථාවේ, ඉන් අනතුරුව අපගේ සිතාසි ක්‍රියාත්මක නිලධාරියා විසින් හෝමාගම දිසා අධිකරණයේ රෙජිස්ටාර් මේ ගැන දැනුවත් කිරීමෙන් පසු, දිසාපතිතුමා දැනුවත් කිරීමෙන් පසු, හෝමාගම පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරා.
පැමිණිලි ඉදිරිපත් කළාට පසුව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. මොකද පොලීසිය දහනම වෙනිදා වෙනකොට වාර්තා කරනවා අධිකරණය කරුණු වාර්තා කරලා, චූදිත ඉදිරිපත් නොකර, “බැන තර්ජනය කිරීමක් කරලා තියෙනවා” විතරක් සටහන් කළා.
නමුත් ඒ බැන තර්ජනය කිරීමක් විතරක් නෙමෙයි, අධිකරණයේ ලේඛනයක කිසිම පුද්ගලයකුට අයිතියක් නැහැ මේ වගේ සටහනක් දාන්න.
පුළුවන් ඇයට පුළුවන් අත්සන් කරලා, මේක පිටුපස ජාතික හැඳුනුම්පත් අංකය දාලා “සිතාසිය භාර ගනිමි” කියලා ලියන්න පමණයි. මේ වගේ කුරුටු ගී ලියන්නත් කිසිම අයිතියකුත් නෑ. රජයේ ලේඛණයක්, අධිකරණ ලේඛනයක්, ඒ වරදක්.
ඒ වගේම තමයි රාජකාරියට බාධා කිරීම. අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට තමයි එම නිලධාරි ගියේ. අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න ගිය නිලධාරීන්ට රාජකාරි කරන්න දුන්න රාජකාරිය බාධා කළා. ඒ කිසිවක් සඳහන් නොකර, එම චෝදනා කිසිවක් සඳහන් නොකරයි පොලිසිය මේ වාර්තාව දාල තියෙන්නෙ අධිකරණයට.
එයින් ප්‍රතිඵලයක් නොවන බව දැනුණු අපේ සිතාසි ක්‍රියාත්මක කරන්නා විසින්, පෞද්ගලිකව නීතිඥ මහත්තයෙක් ලිපියක් මගින් මෝසමක් ඉදිරිපත් කරා. අධිකරණයට කරුණු කිව්වට පස්සේ විනිසුරුතුමිය නියෝගයක් නිකුත් කරනවා අවසාන වරට වාර්තා ඉදිරිපත් කිරීමට.
පසුගිය දින පොලිසිය අධිකරණයට පැමිණිලා කිසිම වැඩිදුර වාර්තාවක් නොමැතිව, ඇයගෙන් කිසිවක් සටහන් කරගන්න නැතුව අධිකරණයට ඉදිරිපත් කළා.
නමුත් විනිසුරුතුමිය ඒ අවස්ථාවේ දහහතරවැනි දා දිනට අනිවාර්යයෙන් පොලිසියට ගොස් ප්‍රකාශයක් පහුවදාම ප්‍රකාශ සටහන් කරගන්න කියලා නියෝග කළා. එදින ඇයගේ නීතිඥවරුන් පොරොන්දුවෙලා තියෙනවා පහුවදාම පොලිසියට ගිහින් ප්‍රකාශ සටහන් කර ගන්න කියලා. මේ වනතෙක් ඇය විසින් පොලිසියට ප්‍රකාශ සටහන් කරගන්න ගිහිල්ලත් නෑ. පොලිසිය මේ සම්බන්ධයෙන් කටයුතු කරලත් නෑ.
මේකෙදී හිතා මතාම හෝමාගම පොලිසිය විසින් බේරා ගැනීමක් කරලා තියෙනවා.
අපේ නිලධාරියාට සිදු වුණු අසාධාරණයට, රජයේ සේවකයෙක්, අධිකරණ කාර්යාලයේ වැඩකළ සිතාසි ක්‍රියාත්මක නිලධාරියෙක්, මේ වගේ කරනකොට පොලීසිය මැදිහත් නොවුණේ, කඩිනමින් ක්‍රියා නොකළේ ඇයි? ඒ හේතුව මම දන්නෑ.
ඇයට මොන තරම් බලයක් තියෙනවද කියලා මේ පොලිසිය ඇතුළේ මේ වගේ කටයුත්තක් කරගෙන යන්න, ඇය ප්‍රකාශ කර තිබුණා “මගේ ස්වාමි පුරුෂයා හිටියා නම් මං කවුද කියලා දැනගන්න පුළුවන්,” කියලා. ඇත්තටම අපිට දැන් දැන ගන්න බෑ ඇය කවුද කියලා. මොකද මෙච්චර සිදු වුණා කියලත් හෝමාගම පොලීසිය මේ මොහොතට ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.
මේ මොහොත වන විට වත්මන් රජය ගැන ජනතාව දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නේ, රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙලා, නීතිය හරියටම අපිට ක්‍රියාත්මක වෙනවයි කියලා දැඩි විශ්වාසයක් ජනතාවට තියෙනවා. මෙවැනි අවස්ථාවක මේ සුළුතර නිලධාරීන් නිසා පොලිසිය මෙවැනි කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ රජය අපහසුතාවට පත් කිරීමක්.
රජයට මේ කටයුත්ත කරගෙන යන්න නොදී ජනතාව අතරට මේ වැරදි අවබෝධයක් දෙන්න යනවද මේ පොලිස් නිලධාරීන් කියන එක සැකයක් මතුවෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මොහොත වන විට අපේ අධිකරණ ඇමැතිතුමා නීති කෙටුම්පත් සම්පාදනය කරමින් වැරදි තැන් නිවැරදි කරගනිමින් විශාල වෙහෙසක් දරනවා. අධිකරණ අමාත්‍යතුමා මේ අවස්ථාවේ, එවැනි අවස්ථාවක හෝමාගම පොලීසිය මේ කටයුතු කරන ආකාරය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
මම සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමයේ හිටපු සභාපති වශයෙන් මේ කටයුත්ත අතිශයින් හෙළා දකිනවා.