2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ “විස්ඩම් ඕක්” නැමති ආයතනයේ ආයෝජන විශේෂඥයකු ලෙස රැකියාවේ නිරතවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
යම් යම් ආයතනවල සහ තැනැත්තන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශකයකු ලෙස අර්ජුන් සේවය කරන බව මේ සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය ජාලා වාර්තාවල සඳහන්ය.
2016 වසරේ අරඹා ඇති මෙම ආයතනය සිංගප්පූරුවේ සහ හොංකොන් හි සිට ක්‍රියාත්මක වන බව දැක්වේ. දැනට මෙම සමාගම මගින් ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කට වැඩි ආයෝජන මෙහෙයවන බවද වාර්තා වේ.
2016 දී ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව සිංගප්පූරුවට ගිය හෙතෙම බැඳුම්කර වංචාවට අදාළ නඩු සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය උත්සාහ කළ ද මේ දක්වා සිංගප්පූරුව ඔහු ශ්‍රී ලංකාවට එවීම ප්‍රතික්ෂේප කිරීම නිසා කිසිදු බාධාවකින් තොරව එරට සේවයේ යෙදී සිටී.