එක්සත් ජාතීන්ගේ මානුෂිය ආධාර බලාපොරොත්තුවෙන් උතුරු ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කර ඇත. මේ බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය නිලධාරීන්ද සනාථ කර තිබේ. ඔවුන් පවසන්නේ මානුෂීය ආධාර රැගත රථ උතුරු ගාසා තීරයට ළගාවන විටත් වෙඩි වැදුනු සිවිල් වැසියන් ඔවුනට දර්ශණය වූ බවයි.
ගාසා තීරයේ ජීවත්වන දහස් ගණනක් වු සිවිල් වැසියන්ට ආහාර සපයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පවසන අතර ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස ගාසා හී සෞඛ්‍ය අංශ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ක්ෂණිකව ඇති වු තර්ජනයක් මැඩපැවැත්වීම වෙනුවෙන් එම වෙඩි තැබීම සිදුකළ බවයි.