අමෙරිකා එක්සත් ජනපදයේ US West Texas Intermediate (WTI) මෙරට බොරතෙල් මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුලත් කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළිනි. ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට අවස්ථාවට මේ වනවිට සාකච්ජා කරන බව එම ආර\ම්චිමාර්ග සඳහන් කරයි. එලෙස සිදුකරනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙසිනි.