කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක වීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක AI Singapore සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ ඩිජිටල් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටය.
එමඟින්, දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණදීමට හැකි වන පරිදි කෘත්‍රීම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ ඇරඹුම් සිදුකිරීම, කෘත්‍රීම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර තිබේ.